spot_imgspot_img

සහල් සහ වැලි ප්‍රවාහන රථ දෙකක් ගැටී 3ක් රෝහලේ (වීඩියෝ)

පොළොන්නරුව අරලගංවිල මාර්ගයේ මනම්පිටිය 1 කණුව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් තුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් සහ සහල් ප්‍රවාහනය කළ ලොරියක් ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

තුවාල ලබා ඇත්තේ ලොරියේ සහ ටිපර් රථයේ රියදුරන් දෙදෙනා මෙන්ම රිය සහායකයෙක්.

වාහන දෙක තුළ සිරවී සිටි රියදුරන් දෙදෙනා බේරා ගැනීමට ප්‍රදේශවාසීන් යුද හමුදාව සහ පොලිසිය විශාල පරිශ්‍රමයක් දැරූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

තුවාලකරුවන් මනම්පිටිය රේාහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

එක් රියදුරෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
12
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?