Fly high Get bonus Aviator Phone

සරසවි අනධ්‍යන සේවකයින්ගේ වර්ජනයට ශිෂ්‍ය සංගම් හා අධ්‍යන කාර්ය මණ්ඩලවල සහාය

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල ද සහයෝගය ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ බව දැනුම්දීමේ විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද (12) පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී විශ්වවිද්‍යාල වෘත්තීය සමිති සහ ශිෂ්‍ය සංගම්වල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.

වැටුප් විෂමතාව නිවැරදි කිරීම, මාසික හිලව් දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව විසින් පසුගිය 02 වනදා සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මෙහිදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ටී.ඒ.ඩී. සුරංජීව,

“මේ වෘත්තීය ක්‍රියා මාර්ගයට මේ වනවිට දිවයින පුරා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සියල්ල සහයෝගය ලබා දෙන්න එකතු වෙලා ඉන්නවා. අධ්‍යන කාර්ය මණ්ඩල අපිට පූර්ණ සහයෝගය ලබාදෙන්න පොරොන්දු වෙලා තියෙනවා. අපි මේ වන විට යම්තාක් අයුරින් මානුෂිකව සිතා විශ්වවිද්‍යාලවල ගොවිපළ සේවා, සෞඛ්‍ය සේවා, සහකාර වෛද්‍ය සේවා, ජල, විදුලි නඩත්තු සේවා ඉටුකලත් හෙට (13) දිනයෙන් පසු ඒ සියල්ලම නවතා දමනවා.මේ වන විට ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කටයුතු, විභාග කටයුතු සියල්ල නැවතිලා තිබෙනවා. සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ වගකීම රජයේ බලධාරීන් භාරගත යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?