සරණ ගුණවර්ධනට ඇප

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහන අවභාවිතා කළ බවට චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ඒ ඔහුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් හා රුපියල් ලක්ෂ 10ක පුද්ගලික ඇප දෙකක් මතයි.

2006 වසරේ අගෝස්තු මස 01 වනදා සිට 2007 වසරේ ජූලි 31 වන දින දක්වා කාල සීමාව තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සතු වාහන තුනක් අවභාවිත කළ බවටත්,එමගින් රුපියල් ලක්ෂ 24 කට ආසන්න මුදලක් රජයට පාඩු කල බවටත් චෝදනා කරමින් දූෂණය නැමැති වරද යටතේ අල්ලස් කොමිසම සරණ ගුණවර්ධනට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා.

නඩුව නැවත කැඳවනු ලබන්නේ මැයි මස 08 වනදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
3
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?