සයින්දමරුදු පිපිරීමෙන් “සාරා ජස්මින්” මියගොස් ඇති බව හෙළිවෙයි

2019 වසරේ අප්‍රේල් මස 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින් මියගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ මරණකරුවන් හඳුනා ගැනීම සඳහා කළ DNA පරීක්ෂණ මගින් මේබව අනාවරණ වි ඇති බවයි.

සාරා ජස්මින් යන අයගේ මවගෙන් ලබාගත් DNA සාම්පල සමග අපරාධ ස්ථානයෙන් සොයාගත් අස්ථි කොටස් කිහිපයක DNA සාම්පල මවක සහ දරුවෙකු අතර පවතින ජීව විද්‍යාත්මක සම්බන්ධතාව තහවුරු වන ප්‍රතිඵලයක් බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

ඒ අනුව එම අස්ථි සාම්පල හිමි අයගේ ජීව විද්‍යාත්මක මව රාජරත්නම් කවීදා වීමට ඉඩ ඇති සම්භාවිතාව 99.9999%ක් බව තහවුරු වි ඇති බවයි දැක්වෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට නියමිතයි.

Police 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?