spot_imgspot_img

සමූපාකාර රක්ෂණ සමාගමේ ලොක්කෙකුට වෙඩි තැබූ සිද්ධියට හතරක් අත්අඩංගුවට

මීගොඩ – ගැමුණු මාවත ප්‍රදේශයේ දී පසුගිය 05 වනදා උදෑසන බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, මාතර දිස්ත්‍රික් සමුපාකාර මණ්ඩල සභාපති සහ සමුපකාර රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂකවරයකු ද සිටින බවයි බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.

සැකකරුවන් පැය 48ක් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කර අපරාධයේ සුළමුල හෙළිකර ගැනීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත්  අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?