සමාගම් කළමණාකරුවෙකුට අයත් මෝටර් රථයක් සොරා ගනී

රක්ෂණ සමාගම් ශාඛාවක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ හැට පහක් පමණ වටිනා මෝටර් රථයක් සොරකම් කොට පලා ගිය පුද්ගලයෙකු සොයා හොරොව්පතාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඊයේ(23) දහවල් මෙලෙස සොරාගෙන ගොස් තිබෙන්නේ හොරොව්පතාන තානායම් හංදිය අසල පිහිටි රක්ෂණ සමාගම් ශාඛාවක කළමණාකරුවෙකුට අයත් මෝටර් රථයක්.

අදාල ශාඛාවේ කළමනාකරු සිය නිවෙස පිහිටි අනුරාධපුර මයිලගස්හංදියේ සිට ඥාති පුද්ගලයෙකු සමග ඊයේ (23) දහවල් 01 ට පමණ මෝටර රථයෙන් හොරොව්පොතාන කාර්යාලයට පැමිණ තිබුණා

අනතුරුව ඥාතියා මෝටර් රථයේ සිටියදීම ඔහු යතුරද තබා කාර්යාලයට ගොස් තිබෙනවා.

මොහොතකට පසු කළමනාකරු කාර්යාලයෙන් එළියට පැමිණ බලන විට මෝටර් රථය දක්නට නොලැබී ඇති අතර අදාළ ඥාතියාගෙන් ඒ පිළිබදව විමසූ විට ඔහු පවසා ඇත්තේ සිය පෙම්වතිය බැලීමට හොරොව්පතාන නගරය ආසන්න අළුත්ඔය මාර්ගයට හදිසියේම පැමිණි බවයි.

නමුත් ඔහු රාත්‍රිය වනවිටත් නොපැමිණීම හේතුවෙන් කළමනාකරු පොලිසියට පැමිණිලි කර ඇති අතර පොලිසිය අදාළ පුද්ගලයා සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කළමනාකරු අදාළ ඥාතියා හොරොව්පතානට කැටුව ආ තිබෙන්නේ රැකියාවක් ලබා දීම සදහා බවත් පැවසෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
1
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?