29 C
Colombo
Monday, February 6, 2023
Peoples Bank Ad

සම්බාහන ආයතන 06 ක තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් , කොළඹ නගරයේ පවත්වා ගෙන යමින් තිබෙන සම්බාහන ආයතන ( Spa ) 06 ක සේවය කළ තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීම් වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්බාහන ආයතන 05 ක සේවයේ නිරත වෙමින් සිටි වයස අවුරුදු 30 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතික තරුණියන් 05 දෙනෙකු ඉකුත් 01/18 දින ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් විසින් වටලා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් අතර සිටි තායිලන්ත ජාතික තරුණියන් සිව් දෙනෙකුගේ වලංගු වීසා කාලය ඉකුත් වී තිබූ අතර අනෙක් තායිලන්ත තරුණිය සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ මෙහි සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

එමෙන්ම කොළඹ හැව්ලොක් පාරේ තුම්මුල්ල මංසන්ධිය ආශ්‍රිත ප්‍රදේශයේ පවත්වා ගෙන යමින් තිබූ සම්බාහන ආයතනයක් ඊ‍යේ (23) දින වැටලූ ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරී කණ්ඩායම එහි සම්බාහන වෘත්තියේ නියැලී සිටි තවත් තායිලන්ත ජාතික තරුණියන් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබෙනවා.

මෙම තරුණියන් ඉකුත් වසරේ නොවැම්බර් මස සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණි වයස අවුරුදු 33 ත් 44 ත් අතරේ පසුවන තායිලන්ත ජාතිකයන් වන අතර තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනාම ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කරන තෙක් වැලිසර රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තැබීමට පියවර ගෙන තිබෙනවා.

මේ පිළිබඳව අදාළ විමර්ශන කටයුතු නිමා වු සැනින් මෙම තායිලන්ත ජාතික තරුණියන් ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කිරීමට නියමිත බවත් සදහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
1
කුජීතයි !
3
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?