spot_imgspot_img

සබරගමුව ආණ්ඩුකාරවරයා තම වැටුප පළාතේ දරුවන් වෙනුවෙන් වෙන් කරයි

සබරගමුව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පත් වු නවීන් දිසානායක මහතා සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යෙදවීමට තීරණය කර තිබෙනවා.

සිය ධුරයේ රාජකාරී ආරම්භ කරමින් පළමු කාර්ය ලෙස සිය වැටුප එම පළාතේ දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කරන බවයි ඔහු සඳහන් කළේ.

වැටුප පරිත්‍යාග කිරීමට අදාළ ලිපිය පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත ආණ්ඩුකාරවරයා විසින් ලබාදුන් අතර තම මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බවයි එම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ.

ආණ්ඩුකාර තනතුර දරන කාලය තුළ ලැබිය යුතු වැටුප ඒ වෙනුවෙන් පිහිටුවන අරමුදලට බැර කරන බව සබරගමුව පළාත් ප්‍රධාන ලේකම්වරයාට භාරදුන් ලිපියේ සඳහන්.

නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා රත්නපුර ඓතිහාසික සුමන සමන් දේවාලයට ගොස් ආශිර්වාද ලබා ගත්තා.

අනතුරුව නිලධාරීන් හා සේවකයින් ඇමතු ආණ්ඩුකාරවරයා කියා සිටියේ සබරගමුව පළාතේ අධ්‍යාපන, මාර්ග, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක දියුණුව වෙනුවෙන් පියවර ගන්නා බවයි.

352184867 812632626900637 4593636877930853667 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?