සතුටුදායක පුවතක් ? නොරොච්චෝලේ යථා තත්ත්වයට පත්වන දිනය මෙන්න

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 900ක ධාරිතාවක් එක් කරන නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රියව පවතින මෙගාවොට් 300ක ජනන යන්ත්‍රය එළඹෙන 29 වනදා හෝ 30 වනදා යළි පද්ධතියට එක්කළ හැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ නවමනි කියා සිටියේ, එහි අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි.

මේ දිනවල දෛනික විදුලි අවශ්‍යතාවය උපරිමයට පත්වන අවස්ථාවේදී සියයට 30ක් පමණ ජල විදුලියෙන් සපයා ගන්නා අතර, නොරොච්චෝලේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය පද්ධතියට එක් කිරීමෙන් අනතුරුව ජල විදුලි උත්පාදනය සීමා කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ වනවිට විදුලිය නිෂ්පාදනය කෙරෙන ජලාශ ආශ්‍රිත ජල මට්ටම සියයට 60ක සීමාවේ පවතිනවා.

සපුගස්කන්ද- ඒ බලාගාරය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මේ වනවිට ක්‍රියාත්මක නොවන අතර, ඊට දැවිතෙල් ලබාගැනීම සඳහා ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඊයේ සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.

කෙසේ වෙතත් එය සාර්ථක වී නොමැති බවයි වාර්තාවන්නේ.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කිරීම ලබන 30 වන දා දක්වා කල් යාහැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ, බොරතෙල් ලැබීම ප්‍රමාද වීම ඊට හේතුව බව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?