සජබයේ ඉහළ තනතුරු දෙකක වෙනසක්

සමගි ජනබලවේගයේ නියෝජ්‍ය භාණ්ඩාගාරික තනතුර සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පත්කර තිබෙනවා.

එමෙන්ම එම පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ධුරයට කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ආදළ පත්වීම් සඳහා වන පත්වීම් ලිපි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් විපක්ෂ නායක කාර්යාලයේ දී පිරිනමා ඇති බව සඳහන්.

මෙම නව පත්කිරීම් සඳහා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය ද හිමිව තිබෙනවා.

එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (16) රැස් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?