පසුගිය කාලසීමාව තුලදී උතුරු නැගෙනහිර ජාතීන් අතර අසමගිය හා ආගමික සංහිදියාවට බලපාන අයුරින් විවිධ වූ සිද්දීන් මාලාවක් වාර්ථා වීම බහු ජාතීන් ජීවත් වන උතුරු නැගෙනහිරට එය එතරම් සුභදායක නොවන බව පවසමින් අද (20) යාපනයේදී සාම පාගමනක් සංවිධානය කොට තිබුණි.
යාපනය දිස්ත්‍රීක් අන්තර් ආගමික කමිටුව මගින් සංවිධානය කරන ලද මෙම සාම පාගමන යාපනය මහජන පුස්තකාලය ඉදිරියෙන් ආරම්භ වී යාපනය රෝහල් මාර්ගය ඔස්සේ නගර මධ්‍යට පැමිණීමට සංවිධානය කොට තිබුණි.
මෙම සාම පාගමන මගින් උතුරු නැගෙනහර ජීවත් වන සියලු ජාතීන්ට සාමය හා සංහිදියාවේ ඇති වැදගත්කම පිළිබඳව අවබෝධ කරලීම ප්‍රධාන අරමුණ වී ඇති අතර පලුදු වූ සිත් සහපත් කිරීම , යුද්දය හේතුවෙන් ඈත් වූ සහජීවනය දියුණු කිරීම වැනි කරුණු පිළිබඳව ජනතාව මෙම පාගමනෙන් දැනුවත් කිරීම සිදුකරයි.
යාපනයෙන් ආරම්භ වූ සාම පාගමන ඉදිරියේදී උතුරු නැගෙනහිර ස්ථාන රැසක සාම පාගමන පැවත්වීමට සංවිධායකයින් පියවර ගෙන ඇති අතරම මේ සඳහා බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ඇතුලු වෙනත් ආගමික පිරිස්ද සහභාගී වී ඇත.



