Sunday, January 12, 2025
Empty Ad
AFC Banner
AFC Banner

සංචාරක ආකර්ෂණය දිනූ ගිමන්හලක් නායයෑමකට ලක් වෙයි

අධික වර්ෂාපතනයත් සමග සංචාරක ආකර්ෂණයට ලක් වූ ගිමන් ස්ථානයක් වන ‘සමර්හඩි’ ස්ථානය නාය යෑමට ලක් ව විනාශ වී තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මාරතැන්න – පඹගොල්ල ප්‍රදේශයේ මාර්ගය අසල ඉදිකර තිබූ මෙම ගිමන් හල අද (20) පෙරවරුවේ නායයෑමට ලක් ව ඇති බවයි.

බලංගොඩ – හැටන් ප්‍රධාන මාර්ගය ආශ්‍රිත ව ඇති ස්වාභාවික සමනල රක්ෂිතයට ආශ්‍රිතව මෙය පිහිටා ඇත්තේ දැඩි සංචාරක ආකර්ෂණයක් ඇති වන පරිදි බවයි වාර්තා වන්නේ.

ශ්‍රී පාද වන්දනාවේ යන බොහෝදෙනා මෙම ස්ථානයේ මඳ වේලාවක් ගිමන් හැර පිටත්ව යාම ද පුරුද්දක් බවයි වාර්තා වන්නේ.

බලංගොඩ – පින්නවල පොලිස් බල ප්‍රදේශයේ මෙය පිහිටා ඇති බවත් එම මාර්ගය අවට ද දැඩි නායයෑමේ තර්ජනයකට ලක් ව ඇති බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?