spot_imgspot_img

සංක්‍රාන්ති ලිංගිකයන් වෙනුවෙන් යාපනයේදී පෙළපාලියක්

සංක්‍රාන්ති ලිංගිකභාවය හිම තැනැත්තන්ට ආත්ම අභිමානයෙන් ජිවත්වීමට අවස්ථාවක් දෙන ලෙසට ඉල්ලීම් කරමින් ඊයේ (10) යාපනය දිස්ත්‍රික්කයේ පෙළපාලියක් පැවැත් වුණා.

සංක්‍රාන්ති ලිංගිකත්වය හිමි පුද්ගලයින්ට එරෙහි සියලු ආකාරයේ පීඩාවන්ට සහ වෙනස් කොට සැලකීමට එරෙහිව ආත්ම අභිමානය ලබාදිය යුතු බවට ඉල්ලීම් කරමිනුයි මෙම පාගමන සිදු වූයේ.

යාපනය බස් නැවතුම්පොළ අසළින් ආරම්භ කළ පාගමන යාපනය පුස්තකාලය දක්වා ගමන් කළ අතර අනතුරුව යාපනය නගරයේදී විදී පුරා ගමන් කරනු ලැබුවා.

Self Respect Rainbow Pride – 2023 යනුවෙන් පැවැත්වු අතර, සමාජයේ ජීවත්වන සෑම කෙනෙකුම සංක්‍රාන්ති ලිංගිකභාවය හිමි අයට අභිමානවත් ලෙස ජිවත්වීමට අවස්ථාවක් සැලසීමේ සමාජ වගකීමක් ඇති බව ද පාගමනට එක්වූවන් අවධාරණය කරනවා.

සිවිල් සංවිධාන රැසක ඒකාබද්ධතාවයෙනුයි මෙම පාගමන සංවිධානය කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
7
+1
1
+1
3
+1
1
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?