ශිව දෙවියන් සහ කතරගම දෙවියන් ඉස්සූ පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

භාවනා මධ්‍යස්ථානය තිබූ රුපියල් ලක්ෂ හතර හමාරක් පමණ වටිනා පිත්තලෙන් නිමකරන ලද ශිව දේව ප්‍රතිමාවක්, කතරගම දේව ප්‍රතිමාවක් සහ කුඩා චෛත්‍යයක් සොරාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 09 වන දින අදාළ සොරකම සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකම සිදුකළ සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගත් පොලිසිය ඊයේ (10) රාත්‍රියේ ඔහුව අත්අඩංගුවට ගැනීමට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී සැකකරු කැළණි ගඟට පැන පිහිනා ගොස් ඇති අතර, ඔහු නැවත ගොඩට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 26 හැවිරිදි වියේ පසුවන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි අයෙක්.

සැකකරු විසින් භාවනා මධ්‍යස්ථානයෙන් සොරාගත් දේපළ සොයා ගැනීමට හැකිව ඇති අතර, මොහු තවත් සොරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

සැකකරු අද (11) දිනයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?