ශිවන්යාගේ ඩුබායි මනමාලයා….

දින ගණනාවක් පුරා පැවති කටකතා වලින් පසුව, මවුනි රෝයි අවසානයේ ඇයගේ විවාහ මංගල්‍යය තහවුරු කර ඇති බව පෙනේ.සඳුදා මුම්බායි හි දක්නට ලැබුණු ඇගේ පෙම්වතා පැපරාසීන් විවාහයට සුබ පැතූ විට ප්‍රතිචාර දක්වා තිබිනි.යුවල මුලින්ම පැපරාසීන්ට මගහැරීමට උත්සාහ කළ නමුත් පසුව “ස්තූතියි” කියා පවසා තිබුනි.

Mouni Roy ඇගේ දිගුකාලීන පෙම්වතා වන Suraj Nambiar සමඟ ජනවාරි 27 වනදා ගෝවාහිදී විවාහ වීමට නියමිත බව වාර්තා වේ.ඔවුන් දෙදෙනා 2019 සිට පෙම් සබඳතාවක් පවත්වන බව පැවසේ. Suraj වෘත්තියෙන් ඩුබායිහි බැන්කුකරුවෙකු වේ.


Mouni ගේ ක්ෂේත්‍රයේ මිතුරන්ට සහ පවුලේ සාමාජිකයින්ට දැනටමත් විවාහ මංගල්‍යය සඳහා ආරාධනා ලැබී ඇති නමුත් සිද්ධිය නිහඬව තබා ගැනීමට ඔවුන්ගෙන් ඉල්ලා ඇත.

ඔවුන්ගේ සම්බන්ධය ගැන නොනවත්වාම මුනිවත රකින මවුනි සහ සුරාජ් ජනවාරි 28 වැනිදා අති උත්කර්ෂවත් මංගල උත්සවයක් පවත්වනු ඇති බව වාර්තා වේ.මවුනි මේ වන විටත් පසුගිය මාසයේ ගෝවාහිදී ඇගේ බැචුලර් සාදය සමරා ඇති අතර ,ශීත ඍතුවේ සවස වෙරළ තීරයේ උත්සවය සඳහා ස්ථානය උතුරු ගෝවාහි Vagator වෙරළ ආසන්නයේ
තරු පහේ නිවාඩු නිකේතනයක් බව පැවසේ.


ආරාධිතයන්ට උත්සවෙයෙදි සෞඛ්‍යාරක්ශිතව හැසිරෙන ලෙසට යුවල දැඩි ලෙස ඉල්ලීමක් ද කර ඇත.සියලුම අමුත්තන්ට ඔවුන්ගේ covid එන්නත් සහතික රැගෙන යන ලෙස ද දන්වා ඇත.

Mouni ගේ Naagin 2 හි සම නළුවා සහ හොඳ මිතුරෙකු වන Karenvir Bohra මෑතකදී ඇගේ විවාහ මංගල්‍යය ගැන සතුට පළ කර තිබුණා.


“මට මේ පුදුම ආරංචිය දැනගන්න ලැබුණා, මම මවුනි ගැන ගොඩක් සතුටු වෙනවා. මම හිතන්නේ නැහැ ඇය කවදාවත් කලබල වෙලා බලාගෙන හිටියා කියලා.” යැයි ඔහු ඉන්දියා ටුඩේ වෙත පැවසීය.

image 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?