Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකාව අවදානම් සති 02 ක් අභියස : දෛනික ආසාදිතයින් යළි 3,000 සීමාවත් පනී

ශ්‍රී ලංකාව ඩෙල්ටා ව්‍යාප්තියේ අවදානම් සති 02 ට මේවනවිට පැමිණ තිබෙනවා. සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ඉදිරි සති 02 හෝ 03 ඉතා තීරණාත්මක වනු ඇති බවයි. 

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙල්ටා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු වාර්තා වූ අගෝස්තු මස මුල් සතියේ කොළඹ ආසාදිතයින්ගෙන් සියයට 19.3 ක් ඩෙල්ටා ආසාදිතයින් බවටයි තහවුරු කර ගැනුණේ. ජූලි මස 31 වනවිට එම අගය සියයට 75 සීමාවද ඉක්මවා ගොස් තිබුණා. ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසුවේ මේවනවිට ඩෙල්ටා වෛරසයේ බලපෑම ආරම්භ වන සති 06 සීමාව ඉක්මවා යමින් ඇති බවයි. ඒ අනුව ඩෙල්ටා වෛරසයේ බලපෑම දැඩිව දැනෙනු ඇත්තේ ඉදිරි සති කිහිපයේදී බව ඔහුගේ මතයයි. 

ආචාර්ය චන්දිම ජීවන්දර වැඩිදුරටත් පැවසුවේ මේවනවිට PCR පරීක්ෂණ මගින් තහවුරු කෙරෙන ආසාදිතයින් මෙන්ම කිසිඳු පරීක්ෂණයකින අනාවරණ නොවන ආසාදිතයින් ද සමාජය තුළ සිටිය හැකි බවයි.

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ බිම් මට්ටමේ කොරෝනා ව්‍යාප්තිය පෙනෙන තරම් සතුටුදායක නොමැති බවයි.

මේ අතර ඊයේ රාත්‍රියේ තහවුරු කළ දත්තවලට අනුව ගතවූ පැය 24 වාර්තා වී ඇති සමස්ථ දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියා. 

එලෙස හඳුනා ගැනුනු ආසාදිතයින් සංඛ්‍යාව 3,039 ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 45,118 ක් දක්වා ඉහළ ගියා. 

මෙරට දිනක් තුළ සිදුවූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව තහවුරු කරමින් ඉකුත් බදාදා දිනයේ සිදුවූ මරණ 156 ක් ඊයේ දිනයේ තහවුරු කෙරුණා. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ද 5,620 ක් දක්වා ඉහළ ගියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?