Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ෆයිසාල් සාලි ධුරයේ රාජකාරි ආරම්භ කර තිබෙනවා.

ඊයේ සිය ධුරයේ රාජකාරි ආරම්භ කළ සාලි මහතාට ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශයන්හි වාණිජ හා සංවර්ධන බැංකුකරණය පිළිබඳ වසර 40කට වැඩි පළපුරුද්දක් ඇති අතර ඔහු දැනට ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ සභාපතිවරයා ලෙසටයි කටයුතු කරනු ලබන්නේ.

ෆයිසාල් සාලි බැංකු, මූල්‍ය, රක්ෂණ, අරමුදල් කළමනාකරණය, කොටස් තැරැව්කරණය, නිෂ්පාදන, වෙළඳාම සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සමාගම් කිහිපයක මණ්ඩල තනතුරු හොබවා තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය විශ්වවිද්‍යාල මණ්ඩල, ලංකා වාණිජ මණ්ඩලය සහ මුදල්, ආර්ථික කටයුතු, නිවාස, ඉදිකිරීම් සහ තෘතීයික අධ්‍යාපන යන ක්ෂේත්‍රවල මෙන්ම රාජ්‍ය නොවන කමිටු කිහිපයකම සේවය කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?