ශ්‍රී ලංකා පිළට පහසු ඉලක්කයක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිළ පන්දුවාර 32යි පන්දු 02ක් තුළ ලකුණු 165කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුලු 04ක් සහ දිල්ෂාන් මධුසංක සිම්බාබ්වේ ඉනිමේ මුල්පෙළ කඩුලු 03ක් බිඳ දැමුවා.

ඊට අමතරව මතීෂ පතිරණ කඩුලු 02ක් සහ නායක දසුන් ශානක එක් කඩුල්ලක් දවාගත්තා.

සිම්බාබ්වේ ඉනිම ස්ථාවර මට්ටමකට රැගෙන යාමට සටනක නිරත වූ ෂෝන් විලියම්ස් සිය ජාත්‍යන්තර එක්දින දිවියේ 35 වන අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 56ක් පන්දු 57ක් තුළ රැස් කළා.

ඔහුට අනෙක් අන්තයෙන් සහයක් වූ ශිකන්ධර් රාසා ලකුණු 31ක් සිම්බාබ්වේ ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුණා.

ඒ, අනුව මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු 300ක් තුළ ලකුණු 166ක පහසු ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
10
+1
0
+1
0
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?