Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකා – පාකිස්ථාන දෙවන ටෙස්ට් තරගයේ දී ශකීල් ඉතිහාස ගතවෙයි

පළමු ජාත්‍යන්තර ටෙස්ට් තරග 07 තුළ අර්ධ ශතක රැස්කළ ඉතිහාසයේ පළමු පිතිකරුවා බවට පත්වීමට පාකිස්ථාන පිතිකරු සවුද් ශකීල්ට අද හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශකීල් රැස්කළ අර්ධ ශතකයත් සමඟ ඔහුගේ නම මෙම වාර්තා ඉදිරියේ ලියවුණා.

මීට පෙර, ඉන්දියාවේ සුනිල් ගවස්කාර්, පාකිස්තානයේ සයීඩ් අහමඩ්, බටහිර ඉන්දීය කොදෙව්හි බැසිල් බුචර් සහ නවසීලන්තයේ බර්ට් සට්ක්ලිෆ් ඔවුන්ගේ පළමු ජාත්‍යනතර ටෙස්ට් තරග 06 තුළ අර්ධ ශතක රැස්කරගෙන තිබුණා.

ගාල්ලේ දී පාකිස්තානය කඩුලු 04කින් ජයග්‍රහණය කළ පළමු ටෙස්ට් තරගයේ දී තරගයේ වීරයා සම්මානය ද ශකීල් දිනාගත්තේ ඔහු පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 208ක් රැස් කර ගැනීමත් සමඟයි.

මේ වනවිට ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සවුද් ශකීල් ලකුණු 57ක් රැස්කරගෙන සිටිය දී අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
5
+1
1
+1
2
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?