ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයේ අවසන් දිනයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ දෙපිළටම තීරණාත්මක පස්වන සහ අවසන් දිනය අදයි.

තරගය පැවැත්වෙන ක්‍රයිස්ට්චර්ච් හි – හැග්ලි ඕවල් ක්‍රීඩාංගනය පිහිටි ප්‍රදේශයට අද (13) උදෑසන සිට ඇද හැලුනු වර්ෂාව හේතුවෙන් නියමිත වෙලාවට තරගය පැවැත්වීමට අවස්ථාව මඟ හැරී ගියා.

කෙසේ වෙතත් තරගය ප්‍රමාද වී හෝ ආරම්භ කිරීමට මේ වනවිට පිටිය සකස්කරමින් පවතින බවයි ක්‍රයිස්ට්චර්ච් නුවරින් වාර්තා වන්නේ.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 286ක ඉලක්කයක් හඹා යන නවසීලන්තය සිය දෙවන ඉනිම වෙනුවෙන් එක් කඩුල්ලක් දැවී ලකුණු 28ක් රැස්කරගෙන සිටිනවා.

ශ්‍රී ලංකා පිළට මෙම තරගය ජය ගැනීමට නම් නවසීලන්ත ඉනිමේ ඉතිරි කඩුලු සියල්ල අද දිනය තුළ දවාගැනීම අනිවාර්ය වනවා.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරඟයට පිවිසීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරඟයේ ජයග්‍රහණය අනිවාර්යයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
3
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?