Empty Ad
AFC Banner
Empty Ad

‘ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මානසික ව වැටිලා නෑ’ – පිතිකරණ පුහුණුකරු කණ්ඩම්බිගෙන් සහතිකයක්

ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මක ටෙස්ට් තරගයක් හෙට (05) පෙරවරුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ වනවා.

තරග 02කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 233ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සත්කාරක දකුණු අප්‍රිකානුවන් සමත් වුණා.

හෙට තරගය දේශීය වේලාවෙන් පස්වරු 01ට ආරම්භ වන්නේ Gqeberha ක්‍රීඩාංගණයේදියි.

2023-2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා සටන ගැන තවදුරටත් යම්තාක් දුරකට ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට සිය රට ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව නියතයෙන් ම හෙට තරගය ජය ගත යුතු වනවා.

මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ ඉන්දියාව පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි තැන දකුණු අප්‍රිකාවට හිමිව ඇත්තේ ඔස්ට්‍රෙලියාව එක් ස්ථානයක් පහතට ඇද දමමින්.

එමෙන්ම හෙට පැවැත්වෙන තරගය සඳහා දකුණු අප්‍රිකානු වේග පන්දු ක්‍රීඩක කොට්සෙ සහ මල්ඩර් ආබාධයක් හේතුවෙන් එක් නොවන බවත් වාර්තා වනවා.

ඒ වෙනුවට Senuran Muthusamy, Dane Paterson හෝ Kwena Maphaka යන අයගෙන් දෙදෙනකු ඒ සඳහා එක් කරගැනීමට නියමිත බවටයි පැවසෙන්නේ.

හෙට තරගයේ දී ජ්‍යේෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් හට පිතිකරණ ලැයිස්තුවේ 03 වැනි ස්ථානය ලැබෙනු ඇති බවටත් වාර්තා වනවා.

මේ අතර හෙට තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි පවසා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිසිදු ලෙසකින් මානසිකව වැටී නොමැති බවත්; ඔවුන්ගේ දුර්වලතා සකසා ගනිමින් තරගයට අලුත් මුහුණුවරකින් එක්වීමටත් ලබාදිය හැකි සහාය පුහුණුකාරීත්වය විසින් ලබාදෙනු ලබන බවයි.

මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි ම අසීරුතාවන්ට මුහුණදී ඇති බවත් නමුත් පසුව ඔවුන් ඒවා විජයග්‍රහණයකින් අවසන් කිරීමට සමත් වූ බවත් තිළිණ කණ්ඩම්බි වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.18
03:01:01
Video thumbnail
බටලන්ද දැන් යන්නේ වෙනම පැත්තකට - ඉස්සරහට වෙන දේවල් හිතාගන්න බෑ
12:45
Video thumbnail
දැන් අපි හොඳටම බයවෙලා ඉන්නේ ආරක්ෂාව දුන්නොත් දැනුත් මම ගන්නවා
12:05
Video thumbnail
සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව මෙන්න
11:34
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ පා.ම ප්‍රසාද් සිරිවර්ධන සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:28:39
Video thumbnail
ප්‍රසාද් ආණ්ඩු බලය අල්ලන්න හදන හැටි - සජිත්ගේ මාධ්‍ය ප්‍රකාශක සියල්ල හෙළි කරයි
10:48
Video thumbnail
ප්‍රසාද් සිරිවර්ධන මුල මතක් කරපු හැටි
04:24
Video thumbnail
වෘත්තීය සමිති නලින්දට අභියෝග කරයි - අපි ලෑස්තියි ඔයත් එක්ක හැප්පෙන්න
23:34
Video thumbnail
ජීවතුන් අතරේ ඉද්දී මරණ සහතිකේ දුන්න 88/89 ඇඟ හිරිවැටෙන කතාව
21:33
Video thumbnail
වර්ජනය කරපු අයට නලින්ද රතු එළි දල්වයි
17:09

?