spot_imgspot_img

ශ්‍රී ලංකා කණ්ඩායම අද සිම්බාබ්වේ දේශයට – නිල සංචිතය තවමත් නැහැ

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් එලෙස දිවයිනෙන් පිටත්ව යාමට නිමයමිත ශ්‍රී ලංකා සංචිතය තවමත් නිල වශයෙන් නම්කර නොතිබීම ද විශේෂත්වයක්.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ හිටපු නායක මහේල ජයවර්ධන ද සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යන බවයි තොරතුරු වාර්තා වුණේ.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන 18 වනදා ආරම්භවීමට නියමිත අතර, ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම පෙර පුහුණු තරග දෙකකට ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?