ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට දඩයක් නියම කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේ දී මන්දගාමී පන්දුවාර වේගයක් රඳවාගැනීම හේතුවෙන් මෙලෙස දඩ නියමකර ඇති බව සඳහන්.
ඒ, අනුව තරග ගාස්තුවෙන් 5%ක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස නියම කර තිබෙනවා.
එක්දින නායක චරිත් අසලංක වරද පිළිගැනීමත් සමඟ, යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදුනොවූ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දැනුම් දුන්නේ.
ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන අයි.සී.සී චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩ නියම කිරීම සිදුකර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
4
+1
1
+1
5
+1
1
+1
2










