ශ්‍රී ලංකාවට ජපානයෙන් දැවැන්ත ආධාරයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාර ආධාර ලබාදීමට ජපානය තීරණය කර ඇති බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

ශ්‍රී ලංකාවේ සියලුම රජයේ රෝහල්, ගිලන් රථ සහ වෛද්‍ය උපකරණ ප්‍රවාහන වාහන සඳහා ඉන්ධන සැපයීම සඳහා මෙම ආධාර පිරිනැමෙන බවයි ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

2022 වසර සඳහා ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති මුළු ප්‍රදානය ඇමරිකානු ඩොලර් මිලියන 104 ක් වන අතර එය ඉතිහාසයේ ඉහළම ප්‍රදානය වන බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඊට අදාළ ලියකියවිලි හුවමාරු කරගෙන ඇතැයි සඳහන්.

මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?