ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය යන අංශයන් සියල්ල පරිපාලනය කිරීමට එක් ආයෝජකයකුට ලබා දෙනවාද නැත්නම් වෙන වෙනම දෙනවාද යන්න ගැන ළඟදීම අවසන් තීරණයක් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් මේ දිනවල විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවද වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් නැති බවත් ඇමෙරිකානු ඩොලර් කෝටි සියයකට වැඩි මුදලක් ණයවී සිටින බවත් ඔහු පැවසුවා.
ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ ඒ කොටස්වලින් සියයට 51 ක් රජය සතුව තබා ගෙන බවද ඔහු පැවසුවා.
මෙම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ගන්නාවූ තීරණ තමා පළමුවෙන්ම පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කළා.