ශ්‍රීලනිපයේ ඇතුළේ ප්‍රශ්න තවත් කෙටි කාලයකින් අවසන් – මෛත්‍රී කියයි

ශ්‍රී නිදහස් පක්ෂයේ අභ්‍යනතර ගැටලු සියල්ල ඉතා කෙටි කාලයකින් නිමාවට පත්වන බව එම පක්ෂ නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මහනුවර දී අද (30) මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

සෑම දේශපාලන පක්ෂයකම අභ්‍යන්තර ගැටලු පැවතීම සාමාන්‍ය දෙයක් බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

“මේ රටේ ප්‍රධානතම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලිවලට කැඩිලා එක මන්ත්‍රී කෙනෙක් වත් නැති වෙලා යන තරමට ප්‍රශ්න ඇති වුණා. එහෙත් අද ඒ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපති වෙලා ඉන්නවා.එහෙම තමයි දේශපාලනේ කියන්නේ, ඕනෑම පවුලක පවා අඩදබර තියෙනවා.මේවා සාමාන්‍ය දේවල් මෙවර අපේ මැයි දිනය පවත්වන්නේ මහනුවර, අපේ පක්ෂයේ සියලු දෙනාටම සහභාගි වෙන්න කියලා අපි විවෘත ආරාධනාවක් කරලා තියෙනවා. මේ වෙනවිට අපි අපේ පක්ෂයේ සංවිධාන කටයුතු ඉතා හොඳින් කරමින් පවතිනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?