ශ්‍රි ලංකාවේ එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු ලන්ඩනයේ දී අනතුරකින් මියයයි

යාපනයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් තුන් දෙනෙකු ලන්ඩනයේ චිචෙස්ටර් නගරයේ ඩන්ක්ටන් ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

මෙම අනතුරින් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර විවාහ මංගල්ලය සදහා පවුලේ උදවිය මෝටර් රථ දෙකකින් ගමන් කරමින් සිටින අතරතුර බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය වෙනත් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.මොවුන් වසරකට ඉහතදී යාපනයේ සිට කැනඩාවට ගොස් මීට දින කීපයකට ඉහතදී ලන්ඩනයට ගොස් ඇත්තේ විවාහ මංගල්ලයකට සහභාගී වීම සඳහායි.

මෙලෙස මියගොස් ඇත්තේ මව හා දියණියන් දෙදෙනෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?