ශෂී වීරවංශට එරෙහි පාස්පෝට් නඩුව කල්යයි

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශෂී වීරවංශට එරෙහි නඩුවේ විභාගය ලබන 28 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (24) නියම කළා.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ තම සේවාදායිකාව අසනීප තත්ත්වයෙන් පසුවන බවයි.

ඇයට දින තුනක් විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර ඇති බවත්, එම නීතිඥවරු වෛද්‍ය සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.

ඒ, අනුව නඩු විභාගය ලබන 28 වනදා ට කල්දැමූ අධිකරණය එදින වැඩිදුර විභාගය සිදුකරන බවත් නිවේදනය කළා.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ දී සාක්ෂි දීම සඳහා හිටපු ආගමන හා විගමන පාලකවරයා සහ හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වරයා අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
0
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?