ශතකයකින් අවසන් කළ මිචෙල්ගේ සුපිරි ඉනිම

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමට නවසීලන්ත මැදපෙළ පිතිකරු ඩැරල් මිචෙල්ට අද (11) හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාව සමඟ ක්‍රයිස්චර්ච් හිදී මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී ඔහු මෙම දස්කම දැක්වීමට සමත් වුණා.

නවසීලන්ත පළමු ඉනිමේ පන්දු 187 කට මුහුණ දෙමින් මිචෙල් මෙම ශතකය රැස්කර ගත් අතර, ඊට හතරේ පහර 06ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.

කඩා වැටෙමින් තිබූ නවසීලන්ත ඉනිමට මුක්කුවක් ගසන්නට මිචෙල්ගේ මෙම ශතකයට හැකියාව ලැබුණු අතර, ලකුණු 102ක් ලබාගෙන සිටි ඔහු ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ නවසීලන්ත 08 වන කඩුල්ල ලෙස දැවී ගියා.

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 355ට පිළිතුරු වශයෙන් පළමු ඉනිම ක්‍රීඩාකරන නවසීලන්තය කඩුලු 08ක් දැවී ලකණු 291ක් රැස්කරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
1
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
2
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?