වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස ගැන ගන්න යන තීරණය

රජයේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණයක් බලරහිත කර ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා විසින් මතු කරනු ලැබූ මූලික විරෝධතා පිළිබඳව නියෝගය මැයි මස 17 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍යවරු හා විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් දැනටමත් පණවා තිබෙන තහනම් නියෝගය ද එදින තෙක් දීර්ඝ කරන බවයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.

රජයේ සේවයේ නිරතව සිටින විශේෂඥ වෛද්‍යවරු 176ක් විසින් අදාළ පෙත්සම ගොනු කර තිබෙනවා.

එම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක් මතු කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම නඩුවට පාදක වන කරුණු රාජ්‍ය සේවා කොමිසම හා බැඳුණු බැවින් එම කොමිසම වෙත නියෝග නිකුත් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි පෙන්වා දුන්නේ.

ඒ අනුව අදාළ පෙත්සම පවත්වාගෙන යාමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂේප කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන තීන්දුව මැයි 17 වනදා ප්‍රකාශයට පත් කළ බව නිවේදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?