Empty Ad
AFC Banner

වේයන්ගොඩ නිධන් හෑරීම නවතී – අධිකරණයට කරුණු වාර්තා කිරීම අඟහරුවාදා

නිධානයක් ඇති බවට වූ සැකය මත වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ සිදුකළ කැනීම් කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන් අවසන් කර තිබෙනවා.

මෙම කැනීම් කටයුත්ත සම්බන්ධයෙන් එය සිදුකළ නිලධාරීන් විසින් ලබන අඟහරුවාදා අත්තනගල්ල අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි අප වාර්තාකරු පැවසුවේ.

වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගය ගමන් ගන්නා කොටසක නිධානයක් ඇති බව වූ සැකයක් මත අත්තනගල්ල අධිකරණය මඟින් ලබාදුන් නියෝගයක් මත දින තුනක් මෙම කැනීම් කටයුතු සිදු කළා.

කෙසේ වෙතත් මෙම කැනීම්වල දී නිධානයක් හෝ නිධානයක් බවට හෝ සැක කෙරෙන කිසිදු දෙයක් සොයාගැනීමට හැකියාව ලැබුණේ නෑ.

අඩි 30ක් 35ත් පමණ ගැඹුරට සිදුකළ මෙම කැණීම්වල දී විශාල කළු ගලක් සොයා ගැනීමට හැකි වූ අතර, ඒ තුළ හෝ නිධානයක් ඇති බවට වූ සැකය මත එය ද කැබලි කර පරීක්ෂාවක ලක් කිරීමටයි කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
2
+1
86
+1
1
+1
7
+1
4
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොකද මේ කොළඹට වෙලා තියෙන්නේ ? - මූණට මූණ එන එක්කෙනාවත් පේන්නේ නැති තරම් දුමාරයක්
01:18
Video thumbnail
සීතලේ පිට ගිය රැජිණ - අයියෝ අයියෝ වෙච්ච දෙයක්
01:03
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරු පඩි සහ ගෙවල් ඉල්ලයි - සජබ මාධ්‍ය හමුවේ හෙළි කරයි
17:44
Video thumbnail
අයහපත් කාලගුණයෙන් විපතට පත් අයගේ දෙපා පාමුලට එන්න හිරුණිකා සීරුවෙන් - මෙහෙමක් කැක්කුමක්
05:23
Video thumbnail
ජපන් තානාපතිගේ පාටියට ගිය ලොකු ලොක්කෝ හරි සතුටින්
25:39
Video thumbnail
ඇඟ හිරිවැටෙන හෙළිදරව්වට ආණ්ඩුවේ ලොක්කෝ නිහඬ ඇයි
15:44
Video thumbnail
සුනඛයාගේ ඉවෙන් දිවි බේරෙයි - "මගේ ජීවිතය බේරගත්තේ මෙයා තමයි"
01:58
Video thumbnail
එපා කියද්දී වතුරට දාපු ලොරිය ගහගෙන යයි
03:28
Video thumbnail
කොත්මලේ ජලාශයේ වාන්දොරටු විවෘත වුණ විදිය
01:59
Video thumbnail
මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ලැබෙන සැප මෙන්න
08:43

?