වෙළඳ අමාත්‍යංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමේ සූදානමක්

වෙළඳ අමාත්‍යාංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානමක් පවතින බවට වාර්තා වනවා.

ලබන 24 දින රට පුරා විසිරී සිටින පුවක් ගොවීන්, පුවක් එකතු කරන්නන්, අතරමැදියන් සහ ජාවාරම්කරුවන් නොවන දේශීය අපනයනකරුවන් මෙම උද්ඝෝෂණය පැවැත් වීමට සූදානම් වෙමින් පවතින බව සඳහන්.

පුවක් අපනයනය නතර කර මේ වන විට මාස තුනක් ගත වී තිබෙනවා.

පවතින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් පුවක් ගොවීන් සහ එම ව්‍යාපාරය ආශ්‍රිත විශාල ජනතාවක් පත්වී ඇත්තේ අන්ත අසරණ භාවයට යි.

එම ජනතාව වර්තමාන වෙළඳ අමාත්‍යවරයා වන නලින් ප්‍රනාන්දු මහතා සහ ඉහළ පෙළේ දූෂිත නිලධාරීන් සිටින වාණිජ දෙපාර්තමේන්තුව වෙත දැඩි අප්‍රසාදය පළ කරනවා.

මෙම අසරණ පවුල් ඉල්ලා සිටින්නේ පාට පක්ෂ භේදයකින් තොරව තම උද්ඝෝෂණයට සහාය පළ කරන ලෙසයි.

මෙලෙස පුවක් අපනයනය නතර කිරීමෙන් මසකට ඇමෙරිකානු ඩොලර් ආසන්න වශයෙන් මිලියන 50ක් සහ වාර්ෂිකව ඩොලර් මිලියන 500ක් පමණ රටට අහිමි වන බවයි අපනයනකරුවන් පෙන්වා දෙන්නේ.

රටට ඩොලර් නොමැති අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම දේශපාලන කුමන්ත්‍රණයක් බව ඔවුන්ගේ අදහසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
5
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
2
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?