Empty Ad
AFC Banner
Empty Ad

වෙළඳසැල් දෙකක් විනාශ වූ මිරිහානේ ගින්න(ඡායාරූප)

මිරිහාන පැඟිරිවත්ත හන්දිය අසල විදුලි උපකරන අලුත් වැඩියා කරන ස්ථානයක ඇතිවූ ගින්න යාබද වෙළඳසැල් දෙකකට ද පැතිර ගොස් දේපළ හානිය වැඩිවී ඇති බව බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසනවා.

ඊයේ (8) අලුයම ඇතිවූ මෙම ගින්නෙන් විදුලි උපකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් හා රෙදිපිළි වෙළඳසැලක් මුළුමනින්ම විනාශ වී ගිය අතර රෙදිපිළි පිරිසුදු කරන ස්ථානයකට ද අලාභ හානි සිදුවුණා.

මිරිහාන පොලිසිය,කෝට්ටේ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය හා වෙළඳසැල් හිමියන් එක්ව ගින්න මැඩ පැවැත්වූ අතර සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

විදුලි කාන්දුවකින් ගින්න හටගන්නට ඇති බවට පොලීසිය විශ්වාස කරනවා.

WhatsApp Image 2023 03 08 at 14.12.12 2
WhatsApp Image 2023 03 08 at 14.12.11 1 2
WhatsApp Image 2023 03 08 at 14.12.11
WhatsApp Image 2023 03 08 at 14.12.10 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?