වෘත්තීය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

සෞඛ්‍ය, වරාය සහ විදුලිය ඇතුළු වෘත්තීය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් අද (13) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ ආසාධාරණ බදු ප්‍රතිපත්ති, පොළී අනුපාත ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලුව ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව ඇති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ අද (13) දිනයේ බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල සියලුම රෝහල් ආශ්‍රිතව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ කොළඹ දී ඊයේ (12) මාධ්‍ය හමුවකට එක්වෙමින් ජල සැපයුම අඩාල නොවන පරිදි සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දියත් කරන බවයි පැවසුවේ.

15 වනදා අසනීප නිවාඩු වාර්තාකරමින් වර්ජනයට සහාය පළකරන බව විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියා.

මේ අතර බැංකු සේවකයින් අද (13) දිනයේ සිට කළු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බවයි ලංකා බැංකු සේවක සංගමය පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
2
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
1
මලපනිනව !
4
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?