වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30)

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින්ගේ විශේෂ හමුවක් අද (30) පැවැත්වෙයි.

රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අයකරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නැයි බලකරමින් පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මෙසේ රැස්වන්නේ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බන්නැහැක සඳහන් කළේ, මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
3
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?