Indian Premier League

විෂ්ණු දෙවිඳුන්ට පළඳා තිබූ මුදල් නෝට්ටු මාලය සොරාගත් අය සොයා විමර්ශන

මහනුවර ඓතිහාසික නිත්තවෙල පත්තිනි දේවාලය වැඳ පුදා ගැනීමට අද (25) පෙරවරුවේ පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු දේවාලයෙහි විෂ්ණු දේව ප්‍රතිමාවට පූජා කර, පළඳවා තිබූ මුදල් නෝට්ටු මාලයක් සොරාගෙන ගොස් ඇතැයි එහි භාරකාර මණ්ඩලය පවසනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ දේවාලයෙහි ප්‍රධාන පූසාරීවරයා සිය දේවාලයේ විෂ්ණු දේව ප්‍රතිමාවේ පලඳවා තිබූ අදාළ මුදල් නෝට්ටු මාලය නොමැති බව දැක ඒ පිළිබඳ ව දේවාලයෙහි භාරකාර මණ්ඩලයට දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

පසුව එම දේවාලයේ භාරකාර මණ්ඩල සාමාජිකයින් CCTV දර්ශන පරීක්ෂා කිරීමේ දී අද උදෑසන එම මුදල් නෝට්ටු සහිත මාලය කිසියම් දෙදෙනකු විසින් සොරාගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

සොරකම සිදුකළ පුද්ගලයන් දෙදෙනා දේවාලයෙහි ප්‍රධාන පූසාරීවරයාගෙන් තමන් දෙදෙනාට අත්‍යවශ්‍ය කරුණකට මහනුවරට යාමට අවශ්‍ය බවත් ඒ සඳහා මුදල් නොමැති බවත් පවසා ඔහුගෙන් තවත් රුපියල් දෙසීයක් ද ඉල්ලා ගෙන ගොස් ඇති බවත් හෙළි ව ඇති බවයි පැවසෙන්නෙ.

දේවාලයෙහි භාරකාර මණ්ඩලය ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය ද දැනුම්වත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය ද වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

මෙතෙක් සැකකරුවන් ව අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:35:01
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34
Video thumbnail
කටුනායක ව්‍යාපාරිකයාගේ දිවි තොර කරන්න ආ වෙ#ක්කරු කොටු වෙයි
01:11
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමිය හිනාවෙලා රනිල් ගැන කියපු කතාව
07:56
Video thumbnail
ආශු මාරසිංහ කෙලින්ම සැරටම කියපු කතාව
06:53
Video thumbnail
කුණු කානුවේ ගිය ඔටුන්න රනිල්ගේ ඔළුවට ආවට - මේ ඔටුන්න ජනතාවම අපිට පැළන්දුවා
04:56
Video thumbnail
සමහර අයගේ ගණුදෙණු ආපුවහම අපිට ආත්ම හතක් තියන්න වෙනවා
12:22

?