විශේෂ ආරක්ෂාවක් යටතේ කොළොන්නාවේ සිට ඉන්ධන බවුසර් පිටත්කර යැවේ(ඡායාරූප)

හමුදා ඇතුළු ආරක්ෂක අංශවල විශේෂ ආරක්ෂාවක් යටතේ කොළොන්නාව ඛනිජ තෙල් නිමාවේ සිට ඉන්ධන බෙදාහැරීම සිදුකිරීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු යොදා තිබෙනවා.

ඊයේ රාත්‍රී සිට ඉන්ධන බෙදා හැරීම අඛන්ඩව සිදුකළ බවයි තෙල් සංස්ථාව පවසන්නේ.

නිමාවෙන් පිටත්ව යන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා.

ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණවලින් තෙල් නිකුත් කිරීම නවතා දමමින් තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති, ඊයේ (28) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

සංස්ථාව පෞද්ගලීකරණයට විරෝධය දැක්වීම එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අරමුණ බව ඔවුන් පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර මහතා ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දැනුම් දුන්නේ වර්ජන ක්‍රියාමාර්ග ගන්නා තෙල් සංස්ථා සේවකයින්ට එරෙහිව විනය හා නීති ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අද දිනයේදී ඉන්ධන බෙදා හැරීම සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඔහු පැවසුවා.

WhatsApp Image 2023 03 28 at 21.58.07
WhatsApp Image 2023 03 28 at 21.58.04
WhatsApp Image 2023 03 28 at 21.58.06
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?