spot_imgspot_img

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරියෙකුගේ ගේ සුද්ද කළ ‘කෙට්ටුවා’ අල්ලයි

සොරාගත් යතුරුපැදියකින් ගොස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකුගේ නිවසකින් රුපියල් ලක්ෂ පහකට ආසන්න දේපළ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත බව පොලිසිය පවසනවා.

ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශන වලින් අනතුරුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.

‘අලුබෝමුල්ල කෙට්ටුවා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම සැකකරු තවත් කොල්ලකෑම් කිඔහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අදාළ නිවසෙන් සොරා ගන්නා ලද රූපවාහිනී යන්ත්‍රයක්, ගෑස් සිලින්ඩරයක්, විදුලි ස්ත්‍රික්කයක් මෙන්ම සොරා ගෙන තිබූ යතුරුපැදිය සහ කොල්ල කන ලද ජංගම දුරකථන කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මීට දින කිහිපයකට ඉහත දී කළුතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට රථගාලකින් සොරා ගන්නා ලද යතුරුපැදියකින් ගොස් මෙම සොරකම් සියල්ල සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 37 හැවිරිදි වියේ පසුවන අයෙක් වන අතර, මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව වාර්තා වන්නේ.

සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?