විශ්‍රාමික පරිපාලන නිලධාරිනියට රහසඟේ ඡායාරූප යැවූ සෞඛ්‍ය රියදුරාට වැඩ වරදියි (ඡායාරූප)

කාන්තාවකට වට්ස්ඇප් ඔස්සේ තම රහසඟ ඡායාරූප ගතකර යැවූ පුද්ගලයෙකු ඊයේ (15) අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රියදුරෙකු ලෙස සිවය කරන අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් එම ය අමාත්‍යාංශයේ සේවය කළ 61 හැවිරිදි පරිපාලන නිලධාරිනියකට මෙලෙස ඡායාරූප යවා ඇති අතර, ඇය පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විශ්‍රාමික පරිපාලන නිලධාරිනිය දිවුලපිටිය, මැදගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනැත්තියක බවත් , සැකකාර රියදුරා බදුල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි තිදරු පියකු බවයි තොරතුරු වාර්තා වන්නේ.

අදාළ නිලධාරිනිය අමාත්‍යාංශයේ සේවය කරමින් සිටින කාලය තුල සැකකරු ඇයගේ රියදුරෙකු වශයෙන් සේවය කර ඇති අතර, එලෙස හඳුනාගත් දැන හැඳුනුම්කම් මත දුරකථන අංකය ලබාගෙන තිබෙනවා.

පසුව නිලධාරිනිය විශ්‍රාම ගිය පසු සැකකරු මුහුණු පොතේ මිතුරෙකු වශයෙන් ද සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සක්කර රියදුරා විසින් ඇයට දිගින් දිගටම වට්ස්ඇප් ඔස්සේ කෙටි පණිවුඩ සහ ඇමතුම් ලබාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම අවස්ථාවන්වලදී ඔහු විසින් අදාළ විශ්‍රාමික නිලධාරිනියට සිය රහසඟ ඡායාරූප ගතකර යවා ඇති අතර, ඇතැම් අවස්ථාවල වීඩියෝ ඇමතුම් ලබාගෙන ඇඳි වස්ත්‍රය ඉවත්කර රහස් ප්‍රදේශය පෙන්වා ඇති බවට ද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

ඒ අනුව අදාළ නිලධාරිනිය මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර රියදුරා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
9
+1
3
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයියෝ.. කොහේ ඉඳලා එනවද මන්දා - මාධ්‍යවේදීන්ව දැක්ක මෛත්‍රීට තදවෙයි
02:03
Video thumbnail
රෝහිතගේ දුව බයේ ගෙදරින් පැනලා ගිහින් ??
01:03
Video thumbnail
ආණ්ඩුවේ සංදර්ශන නම් තියෙනවා, වැඩ තමයි නැත්තේ
01:33
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11


?