විවාහ වෙන්න ඉන්න අයට රජයෙන් සුබ පණීවිඩයක්

ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය විසින් ළඟදී විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන්ට සහ උසස් අධ්‍යාපනය හා විදෙස් රැකියා සඳහා විදේශ ගත වීමට අපේකෂාවෙන් සිටින තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරනය කර තිබේ.

එහි සභාපති ශිරන්ත පීරිස් පවසන්නේ ඇතැම් දෙමාපියන් තම ගැහැනු දරුවන් සංචාරක ​ක්ෂේත්‍රයේ රැකියාවලට යොමු කිරීමට අකැමැත්තක් දක්වන බවත් සංචාරක ක්ෂේත්‍රය පිළිබඳ ඇති එවැනි වැරදි මත හිත්වලින් ඉවත්කර ගැනීමට කාලය පැමිණ ඇති බවද කීවේය.

වර්තමානය වනවිට දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය මත දරුවන්ට මෙවැනි පාඨමාලාවක් හැදෑරීමෙන් ඔවුන්ට අඩු මුදලකට තනිවම තම ආහාරපාන සකසා ගැනීමට අවස්ථාව හිමි වන බවත් දිනපතා ඔවුන්ට එම ආහාරපාන සකසා ගැනීමට උගන්වන පරිදි මෙම පාඨමාලාව සකස් කර ඇති බවත් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කනිෂ්ක එන්. ජයතුංග කීය. මේ සඳහා නුදුරු දිනයකදීම අයැදුම්පත් කැඳවන බව හෙහෙතම කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?