විවාහ වී දෙවන දිනයේ දී බිරිඳ ඝාතනය කර සැමියාත් දිවි නසාගෙන (ඡායාරූප)

අලුතින් විවාහ දිවියට පිවිසි යුවළක සැමියා විසින් බිරිඳව ඝාතනයකර ඔහු ද සියදිවි නසාගැනීමේ පුවතක් අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා පසුගිය ඉරිදා යුගදිවියට පිවිසි ඇති අතර, ඉන් දින දෙකකට පසු අඟහරුවාදා (21) දින මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුව ඇති අතර, සැමියා විසින් ඔහුගේ නිදන කාමරයේ දී බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර ඔහු ද සියදිවි හනිකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාවේ චතිස්ගාර් හි රයිපූර් ප්‍රදේශයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි කහකාෂා බානෝ නැමැති තරුණියක් වන අතර, සියදිවි නසාගත් සැමියා 24 හැවිරිදි වියේ පසු වූ අස්ලම් නැමැති අයෙක්.

ඔවුන්ගේ විවාහය වෙනුවෙන් පසුගිය අඟහරුවාදා දින සංවිධානය කර තිබූ පිළිගැනීමේ සාදය සඳහා ඔවුන් කාමරය තුළ සූදානම් වෙමින් සිටින අතර තුර මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී මනමාලියගේ කෑ ගැසීමක් ඇසීමත් සමඟ මනාලයාගේ මව එම ස්ථානයට දිව ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී දොරඟුලු දමා කාමරයේ දොර වසා තිබු බව සඳහන්.

පසුව කාමරය තුළ සිටි නව යුවළ ප්‍රතිචාරයක් නොදැක්වීමත් සමඟ, පවුලේ සාමාජිකයන් ජනේලයකින් බැලූ විට ඔවුන් ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය පැමිණ ඔවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා ඇති අතර, එම ස්ථානයේ තිබී පිහියක් ද සොයා ගැනීමට ද හැකිව තිබෙනවා.

ටික්‍රපාරා පොලිස් ස්ථානය විසින් මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
11
අවුල් වගේ !
13
හරි හිනා !
5
හම්මෝ !
16
මාර දුකයි !
87
මලපනිනව !
48
කුජීතයි !
14
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?