විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ කාන්තාව බේරාගන්න මැදි වූ තරුණයා වෙඩි කා මරුට

තරුණයෙකු විසින් ගෙන ආ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමට යාමේ දී ඇයව බේරාගැනීමට ගිය තරුණයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඉන්දෝර් දුම්රිය ස්ථානයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

රාහුල් යාදව් නමැති 23 හැවිරිදි තරුණයා පසුගිය බදාදා සවස කාන්තාව විසින් තම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා, දුම්රිය ස්ථානයේ දී පිස්තෝලයක් පෙන්වා ඇයට තර්ජනයකර ඇති බව සඳහන්.

එහිදී ඇය බේරා ගැනීමට උත්සාහ කළ 20 හැවිරිදි තරුණයෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු පලාගොස් ඇති අතර, 20 හැවිරිදි තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වය පසුවූ තරුණයා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ සැකකාර තරුණයාගේ සහ පවුලේ සාමාජිකයන් මේ වනවිට අතරුදන්ව ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
2
හම්මෝ !
3
මාර දුකයි !
4
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?