විවාහ මංගල උත්සවවලට දැනට ලබා දී ඇති සහනය ඉදිරියේදී අවලංගු වෙයි ?

විවාහ මංගල උත්සව සදහා ලබාදී ඇති අවසරය අවභාවිතා කිරීමේ තත්ත්වයක් පෙ‌නෙන්නට ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක් මතු විය හැකි බව හෙතෙම සදහන් කරයි.

කොළඹ සහ පිටපළාත්වල එකසිය පනහකට වඩා වැඩි පිරිසක් සහභාගි වන මංගල උත්සව සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය.

අලුත් අවුරුදු සමයේදි ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා මෙරට තුළ තුන්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වූ බවත් ජනතාව එම තත්ත්වය මතකයේ තබාගෙන වගකීමෙන් කටයුතු කරන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලා සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?