විරෝධතාවයේදී මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වන්න අනුර කුමාරත් එක්වෙයි (ඡායාරූප)

ජාතික ජන බලවේගය විසින් කොළඹදී සංවිධාන කර තිබූ විරෝධතාවයට පැමිණ සිටියදී මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද පැමිණ සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද නිවිතිගල නොරාගල්ල පොදු සුසාන භූමියේදීයි සිදු කෙරෙන්නේ.

පසුගිය ඉරිදා පැවති විරෝධතාවයට එක්ව සිටියදී මෙලෙස මියගියේ නිවිතිගල ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටි නිමල් අමරසිරි නැමති අයෙක්.

ඔහු විරෝධතාවයේදී කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුව ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණා.

අවසන් කටයුතු සිදු කෙරෙන අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙන්ම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු සාමාජිකයන් රැසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?