විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව සලසන්න – තරුණ ජනමාධ්‍යවේදීන් පොලිස්පතිට ලියයි

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පොලිස්පතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය මඟින් දන්වා ඇත්තේ සාමකාමී විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව ගැන වහාම මැදිහත්වී කටයුතු කරන ලෙසයි.

අදාල ලිපිය පහතින්..

චන්දන වික්‍රමරත්න මහතා,
පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.

පොලිස්පතිතුමනි,

අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වන පිරිස් ලවා සාමකාමී විරෝධතාවලට පහරදීම සම්බන්ධවයි

අග්‍රාමාත්‍යවරයාට සහයෝගය දක්වමින් දේශපාලනඥයන්ගේ මෙහෙයවීමෙන් අද අරලියගහ මන්දිරයට කැඳවූ පිරිසක් මීට ටික වේලාවකට පෙර අරලියගහ මන්දිරය අසල පැවැති මයිනාගෝගම සාමකාමී විරෝධතාවයට පහරදී එතැන තිබූ ටෙන්ට් සහ විරෝධතා පුවරු ඉවත් කරනු ලැබීය.

ඉන් අනතුරුව ඔවුන් මේ වන විට ගෝඨාගෝගම සාමකාමී විරෝධතාවය පැවැත්වෙන ප්‍රදේශයට කඩා වදිමින් සිටිති. ආණ්ඩුවේ දේශපාලන නියෝජිතයන් මැරයන් ලවා සාමකාමී විරෝධතාවලට කඩා වැදී ප්‍රචණ්ඩකාරීව හැසිරීම බරපතල තත්ත්වයක් බැවින් සාමකාමී විරෝධතාකරුවන්ගේ ආරක්ෂාව ගැන වහාම මැදිහත්වී කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,
විශ්වාසී,

ලේකම්,
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් හමුවෙන්න ආ බ්‍රිතාන්‍ය උප අගමැති පිටව යයි
01:03
Video thumbnail
ටිල්වින්ගේ ඉන්දීය සංචාරය කැබිනට් මාධ්‍ය හමුවේදි ඇදෙයි..නාමල් ගියෙත් එහෙමයි
01:27
Video thumbnail
අසාධාරණයට ලක් වූ තරුණයන් නාමල් රාජපක්ෂ හමුවෙයි
06:21
Video thumbnail
මත්තල හයිවේ එකේ දැඩි උණුසුමක්..මහින්ද හදපු මත්තල හයිවේ එකේ මේ ප###ලා යන්න දෙන්නෙ නෑ..
04:53
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01


?