වියලි කාලගුණයෙන් පිඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව තවත් ඉහළට

පවතින වියලි කාලගුණයෙන් පිඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 93171 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙන්නේ දිස්ත්‍රික්ක හතකට වියලි කාලගුණයෙන් බලපෑම් එල්ලවී ඇති බවයි.

රත්නපුරය, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල යාපනය, මන්නාරම සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල පවුල් 28947ක් පානීය ජලය අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්. මේ අතර හදිස්සියේ බිඳවැටුණු නොරොච්චෝලේ ලක් විජය බලාගාරය විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත්කිරීමට තව දින අටක් පමණ ගත වන බව විදුලිබල මණ්ඩලය පවසනවා. මෙමගින් ජාතික පද්ධතියට අහිමි වන විදුලි ධාරිතාව මෙගා වොට් පැය 270ක්.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ වුවද අඛණ්ඩ විදුලි සැපයුමකට බාධාවක් නොමැති බවයි ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?