විපක්ෂ නායකගේ ගිනස් වාර්තාවක් ගැන ජනපති හෙළි කරයි

ආණ්ඩු බලය දෙන්න ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත් විපක්ෂ නායකයාවරයා එය ප්‍රතික්ෂේප කිරීම ගිනිස් වාර්තාවක් ලෙස තමන් සිතන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය .

එදා රට තිබුනේ අර්බුදයකයි බවත් තමා තනතුරු ඉල්ලුවේ නැති බවයි ඔහු පැවසුවේ. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයින්ගේ සංගමයේ වාර්ෂික හමුවේදීය.

රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන්කෙරුණා.රටේ ආර්ථිකය මෙලෙස වේගයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට දායක වූ සහ සහාය දුන් සියලුදෙනාට ස්තූතිවන්ත විය යුතුයි. රටේ ආර්ථිකය ගොඩනැඟීමට ඔවුන් එම අවස්ථාවේ විවිධ අයුරින් උදව් උපකාර කළා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?