විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරනය අද (25) නියෝග කළා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත මෙම අතුරු තහනම් නියෝගය තව දුරටත් දීර්ඝ නොකිරීමට නියෝග කෙරුණා.
කෙසේ වෙතත් අදාළ බදු අය කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය සහ කම්කරු විනිශ්ච සභා සභාපතිවරුන්ගේ සංගමය විසින් ඉදිරිපත් කළ පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ද පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළා.
ඒ, අනුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නඩුවට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 31 දාට පෙර ගොනු කරන ලෙසත් නියෝග කර සිටියා.
පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 22 වනදා සිදුකරන බව තීන්දු කෙරුණා