විනය භාර ස්වාමීන් වහන්සේ පහරදුන් බව පවසමින් සිසුවෙක් රෝහලට

පාසලේ විනය භාර ගුරු හිමිනමක් පහරදුන් බව පවසමින් රාජගිරිය ප්‍රදේශයේ පාසලක සිසුවකු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත්ව ඇතැයි වැලිකඩ පොලිසිය පවසනවා.

මෙලෙස රෝහල් ගතව ඇත්තේ එම පාසලේ එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන මහරගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිසුවා රැවුල වවාගෙන පාසලට පැමිණ ඇති අතර විනය භාර ගුරු හිමි නම තවත් ගුරුවරයකු සමග එක්ව සිසුවා ගේ රැවුල කැපීම සඳහා උත්සහ කිරීමේදී ඔහු ඊට විරුද්ධත්වය පළ කිරීමත් සමඟ විනය භාර හිමි නම කන ප්‍රදේශයට ගැසූ බව පවසමින් සිසුවා රෝහල් ගතව ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

පහර කෑ සිසුවා එම සිදුවීමෙන් දින දෙකකට පසුවයි තම කන ප්‍රදේශය රිදෙන බව පවසා රෝහල් ගත වී ඇත්තේ.

රෝහල් පොලිසියෙන් කරන ලද දැනුම් දීමක් මත වැලිකඩ පොලිසිය විමර්ශන මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?