විදේශ සේවයේ පුරප්පාඩු සඳහා 40 දෙනෙක්

විදේශ සේවයේ පුරප්පාඩු සදහා 40ක් බඳවා ගන්නා බව විදේශ කටයුතු අමාත්‍යවරයා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පවසා සිටියා.

2018 වසරේ සිට විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීම් සිදු කර නොමැති බැවින් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සදහා ජුලි මාසය වන විට විදේශ සේවයට හතළිස් දෙනෙකු කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සදහන් කළේ පසුගියදා (10) පාර්ලිමේන්තුවේදී පැවති විදේශ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් විදේශ සේවයේ පවතින පුරප්පාඩු පිළිබද විමසා සිටි අවස්ථාවේදී ය.

විදේශ තානාපති කාර්යාල පිවිසුම් දොරටු ඉදිරිපිට බොහෝ ශ්‍රී ලාංකිකයන් උදේ සිට දහවල් වනතුරු දිගු පෝලිම්වල දක්නට ලැබීම පිළිබදව පැමිණ සිටි මන්ත්‍රීවරු කනස්සල්ල පළ කළහ. එය ප්‍රසන්න දසුනක් නොවන බවත් එම ජනතාවට කඩිනම් සේවාවක් ලබා දීම සදහාත් නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවත් හැකි ඉක්මනින් ඒ පිළිබඳව සොයා බලා කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් මහ සයුරේ අතරමංවූ ශ්‍රී ලාංකිකයන් 303 දෙනෙකු බේරා ගැනීම, ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුට එරට තානාපති කාර්යාලය හරහා ආධාර ලබා දීම පිළිබදව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු දක්වා සිටියේය. එසේම ලෝක සංචාරක සමුළුවේදී ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැක්වූ දායකත්වය ද මෙහිදී ඇගයීමට ලක්විය.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ඩයනා ගමගේ, අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය කාවින්ද ජයවර්ධන, සුදත් මංජුල, සංජීව එදිරිමාන්න, වසන්ත යාපාබණ්ඩාර, චන්දිම වීරක්කොඩි සහ වීරසුමන වීරසිංහ යන මහත්වරු කාරක සභා රැස්වීමට සහභාගි වූහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?